පිළිතුර-
1 - බලවත් වූ සහ උත්තරීතර අල්ලාහ්ට යටහත් පහත් භාවය දැක්වීම වස් ආහාර පාන ගැනීමේදී භියබැති කම මුල්කරගෙන චේතනාව පිහිටුවා ගනිමි.
කෑම අනුභව කිරීමට පෙර, අත් දෙක මැණික් කටුව ඇතුළුව සේදීම.
3- මම "අල්ලාහ්ගේ නාමයෙන්" යැයි කියමි, මම මගේ දකුණු අතෙන් සහ මට සමීපව ඇති ආහාර අනුභව කරමි, මම පිඟානයේ (බන්දේසියේ) මැද ඇති දේ හෝ වෙනත් කෙනෙකු ඉදිරියේ ඇති දෑ අනුභව කරන්නේ නැත.
4- "අල්ලාහ්ගේ නාමයෙනි" යැයි කීමට මට අමතක වුවහොත්, මම මෙසේ කියමි: "අල්ලාහ්ගේ නාමයෙන්, එහි ආරම්භය සහ අවසානය දක්වා."
5- ආහාරවලින් ලැබෙන දෙයින් මම සෑහීමකට පත්වන අතර, මම ආහාරයේ වරදක් නොදකිමි. මම එයට කැමති නම්, මම එය අනුභව කරමි, මම එයට අකමැති නම් මම එය අත්හැර දමමි.
6- මම ආයාර කට කිහිපයක් අනුුුභව කරමි, නමුත් අධිකව ගන්නේ නැත.
7- මම ආහාර හෝ පානය මත පිඹින්නේ නැත, එහි උණුසුම අඩුවන තුරු ඉවසා සිටිමි.
8- මම ආහාර අනුභව කරන විට පවුලේ අය සමග හෝ ආගන්තුකයන් සමඟ හෝ වෙනත් අය සමඟ එකතු වී ආහාර අනුභව කරමි.
9 - මට වඩා වැඩිමල් කෙනෙකුට ටපර මම කෑම අනුභව කරන්න පටන් ගන්නේ නැත.
10- මම කිසිවක් පානය කරන විට "අල්ලාහ්ගේ නාමයෙන්" යැයි කියන අතර, මම වාඩි වී උගුරු තුනක් පානය කරමි.
11- මම ආයාර අනුභව කර අවසන් වූ විට "අල්හම්දු ලිල්ලාහ්" යනුවෙන් අල්ලාහ්ට ස්තුති කරමි.