ප්රශ්න අංක 23: වක්තෘවරුන් සහ දූතයන්ගේ අතර අවසානයා කවුද?

පිළිතුර -මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ය.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත. “මුහම්මද් නුඹලාගේ පිරිමි(දරුව)න් අතුරින් කිසිවෙකුගේ පියෙකු නොවීය. එනමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගෙන් (අවසානයාය) මුද්රාවය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥ විය.” සූරා අල් අහ්සාබ් 33:40. අල්ලාහ්ගේ දූතයාණන්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)මෙසේ පැවසූහ. "මම වක්තෘවරුන්ගේ (අවසාන) මුද්රාව වෙමි, මට පසුව වක්තෘවරයෙකු නොමැත." මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.