ප්රශ්න අංක 15 - ඊමාන් හෙවත් දේව විශ්වාසයේ කුළුණු අර්ථ විවරණය කරන්න.

පිළිතුර: සර්ව බලධාරී අල්ලාහ් ව විශ්වාස කිරීම.

* අල්ලාහ් ඔබව මවා, ඔබව පෝෂණය කළ තැනැත්තා බවත්, සියලු ජීවීන්ගේ එකම හිමිකරු සහ සියල්ල පාලනය කරන ස්වාමියා බවත් විශ්වාස කිරීම.

* ඔහු වන්දනාමානය ලැබීමට සුදුස්සාය, සත්ය වශයෙන්ම ඔහු (අල්ලාහ්) හැර වන්දනාමානය ලැබීමට සුදුසු වෙනත් කෙනෙකු නැත.

තවද ඔහු අති විශිෂ්ඨය, ශ්රේෂ්ඨය, සර්වපරිපූර්ණ වූ ඔහු සියලු ප්රශංසාවට ලක්වන අතර, ඔහුට වඩාත්ම ලස්සන නම් සහ උසස් ගුණාංග අයත් වේ. අති උත්තරීතර වූ ඔහුට සමානයක් නැත. කිසිවක් ඔහුට සමාන වන්නේ නැත.

මලක්වරුන් හෙවත් දේව දූතයින් පිළිබඳ විශ්වාසය.

ඔවුන් අල්ලාහ් විසින් ආලෝකයෙන් මවන ලද මැවිලි වේ, ඔවුන් මවන ලද්දේ අල්ලාහ්ට නමස්කාර කිරීමට සහ ඔහුගේ අණට සම්පූර්ණයෙන්ම අවනත වීම සඳහාය.

අල්ලාහ් තආලාගෙන් නබිවරුන්ට වහී (දේව හෙළිදරව්) පහළ කළ ජිබ්රීල් අලෛහිස් සලාම් මලාඉකාවරුන්ගෙන් කෙනෙකි.

දේව පුස්තක පිළිබඳ විශ්වාසය.

එනම් රසූල්වරුන් හෙවත් අල්ලාහ් තආලාගේ පණිවිඩකරුවන් වෙත පහළ කරන ලද දේව පුස්තකයයි.

උදාහරණයක් ලෙස මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් වෙත අල්කුර්ආනය පහළ කරන ලදි.

අල්ඉන්ජීල් දේව පුස්තකය ඊසා (අලෛහිස් සලාම්) වෙත පහළ කරන ලදි.

අත් තව්රාත් දේව පුස්තකය මූසා (අලෛහිස් සලාම්) වෙත පහළ කරන ලදි.

අස්සබූර් දේව පුස්තකය ආවූද් (අලෛහිස් සලාම්) වෙත පහළ කරන ලදි.

බ්රාහීම් (අලෛහිස්සලාම්) තුමා වෙත සහ මූසා (අලෛහිස් සලාම්) තුමා වෙත හෙළි කරන ලද ලේඛන.

(අල්ලාහ්ගේ) පණිවිඩකරුවන් පිළිබඳ විශ්වාසය.

තවද රසූල්වරුන් වනාහි අල්ලාහ් තම ගැත්තන්ට යහපත සහ ස්වර්ගය පිළිබඳ ශුභාරංචිය ලබා දීමටත් ඉගැන්වීමටත් නපුර සහ නිරා ගින්න ගැන අනතුරු ඇඟවීමටත් මෙලොවට එවූ අයයි.

මෙම රසූල්වරුන් අතරින් උලුල් අස්මි හෙවත් දැඩි ස්ථාවරයකින් යුත් සහ දැඩි පරීක්ෂාවන්ට ලක්වූ රසූල්වරුන් විශිෂ්ඨවූ අයවලුන් ලෙස සලකනු ලැබේ. එම රසුල්වරුන් පහත සඳහන් ආකාරයට හැඳින්වීමට හැක.

නූහ් අලෛහිස් සලාම්

ඉබ්රාහීම් අලෛහිස් සලාම්

මූසා අලෛහිස් සලාම්

ඊසා අලෛහිස් සලාම්

මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්

අවසාන දිනය පිළිබඳ විශ්වාසය:

එය වනාහි මරණයෙන් පසුව මිනී වල තුල වැලැලීමෙන් පසුව සිදුවන කරුණු දාමයකි. නැවත නැඟිටීමේ දිනයකි, හා විනිශ්චය දවසකි. එදින ස්වර්ගය හිමි දනන් ඔවුන්ගේ ස්ථානයේද නිරයට හිමි අය ඔවුන්ගේ ස්ථානයේද සිටිනු ඇත.

හොඳ හා නරක සියල්ල අල්ලාහ් විසින් තීරණය කරන බව විශ්වාස කිරීම.

අල්කද්ර් (හොඳ නරක සියල්ලම අල්ලාහ් තආලා විසින් නිර්ණය කරන ලද ආකාරයෙන්ම සිදුවන බව විශ්වාස කිරීම) : උත්තරීතරවූ අල්ලාහ් විශ්වයේ සිදුවන සෑම දෙයක්ම දන්නා බවත්, ඔහු ඒවා ලව්හුල් මහ්ෆූද් නමැති සංරක්ෂණය කරන ලද ලේඛණයේ ලියා ඇති බවත්, එහි පැවැත්ම සහ නිර්මාණය ඔහුගේ අභිලාශය අනුව සිදුවන බවත් විශ්වාස කිරීමයි.

මෙය සම්බන්ධයෙන් අල්ලාහ් මෙසේ පවසයි. "නියත වශයෙන්ම අපි සෑම දෙයක්ම ප්රමාණයකින් යුතු ව මැව්වෙමු." (සූරතුල් කමර් 54:49)

එය තරාතිරම් හතරකින් යුක්ත වේ:

පළමුවැන්න: උත්තරීතරවූ අල්ලාහ්ගේ දැනුම, එනම් යම්කිසි දෙයක් සිදුවීමට පෙර සහ පසු ඒ සියල්ල පිළිබඳ ඔහුගේ පූර්ව දැනුම.

මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි. “සැබැවින්ම අවසන් හෝරාව පිළිබඳ ව දැනුම ඇත්තේ අල්ලාහ් වෙතය. තවද ඔහු වර්ෂාව පතිත කරවන්නේය. ගර්භාෂයන්හි ඇති දෑ දන්නේය. කිසිම ආත්මාවක් එය හෙට දින උපයන්නේ කුමක් දැයි නොදන්නේය. කිසිම ආත්මාවක් කවර භූමියේ මරණයට පත්වන්නේ දැයි නොදන්නේය. සැබැවින්ම අල්ලාහ් සර්ව ඥානිය අභිඥානවන්තය." (සූරා ලුක්මාන් 31:34)

දෙවැන්න: අල්ලාහ් ඒ සියලු දෑ ගැන ලියා ඇත්තේ "අල් ලව්හුල් මහ්ෆූල්" නමැති සංරක්ෂණය කරන ලද ලේඛණයේය. එබැවින් සිදු වූ සහ සිදුවීමට ඇති සියල්ල ඔහු සතුව ඇති පොතක ලියා ඇත.

මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි. “ගුප්ත දෑ හි යතුරු ඔහු සතු ව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නොදනී. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනී. ශාකයක කොළයක් පවා ඔහුගේ අනු දැනුමෙන් තොරව නොවැටෙයි. තවද මහපොළොව අන්ධකාරය තුළ ඇති බීජය තෙතමනය හෝ වියළිභාවය ගැන පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත.” සූරා අන්ආම් 6:59.

තුන්වැන්න: එනම් සෑම දෙයක්ම සිදුවන්නේ අල්ලාහ්ගේ කැමැත්ත අනුව වන අතර, ඔහුගේ කැමැත්තෙන් මිස, ඔහුගේ හෝ ඔහු විසින් මවන ලද්දන් විසින් කිසිවක් සිදු නොවේ.

මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි. නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද ඔහුටය. තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය. 81: 28-29 සූරා අත්තක්වීර් 81:28-29

සිව්වැන්න : සියලු ජීවීන් උත්තරීතර අල්ලාහ් විසින් මවා ඇති බවත්, ඔහු ඒවායේ ආත්මයන්, ගුණාංග, චලනයන් සහ ඔවුන් තුළ ඇති සියල්ල මැවූ බවත් විශ්වාස කිරීම.

මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි. "නුඹලා ද නුඹලා කරමින් සිටින දෑ ද අල්ලාහ් මැවුවේය." (සූරා අස්සාෆ්ෆාත් 37:96)